අවිස්සාවේල්ල විද්යාල මාවතේ තාවකාලික නවාතැන්පොලක ලැගුම් ගෙන සිටි තරුණයෙකුට තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කර ඇතැයි අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
අවිස්සාවේල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු සදහන් කළේ ඊයේ රාත්රී කාලයේදී හෝ අද අළුයම් කාලයේදී මියගිය තරුණයා සහ එම නවාතැන් පලෙහි ලැගුම්ගෙන සිටින තවත් තරුණයන් පිරිසක් අතර ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදු වන්නට ඇත බවට සැක කරන බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සාමිමලේ .සූරියකන්ද වත්ත ප්රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.
අවිස්සාවේල්ල ප්රදේශයේ ප්රදේශයේ වෙළද සැලක රැකියාවක් ලැබීම හේතුවෙන් මියගිය පුද්ගලයා මෙම නවාතැන් පලට මීට මාස දෙකකට පමණ පෙර පැමිණ ඇති බවට අනාවරණය වූ බවද පොලිසිය පවසයි.