ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අද (28) පස්වරුවේ කොළඹ ෂැන්ග්‍රි ලා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.
අද දින සමාරම්භක සැසියට ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්වන අතර එහිදී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජ්‍ය උප සභාපති බිඟුමාල් තෙවරතන්ත්‍රි මහතා සමඟ තිරසාර ආර්ථික ප්‍රගතිය සඳහා රජයේ දැක්ම පිළිබඳ සුවිශේෂී සංවාදයකට ජනාධිපතිවරයා එක්වනු ඇත.
ව්‍යාපාරික නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ශාස්ත්රඥයින් සහ ජ්‍යෙෂ්ඨ ආයතනික නියෝජනයන්ගෙන් පෙර නොවූ විරූවාර්තාගත සහභාගීත්වයක් මෙවර සමුළුව වෙත ලැබී ඇති අතර Shaping Sri Lanka’s Future: Transformational Growth with Sound Economic Policies යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වෙනු ඇත.
එහි සමාරම්භක දේශනය ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා විසින් සිදුකිරීමට නියමිතය.
මීට අමතරව ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා ඇතුළු ව්‍යාපාරික නායකයින් රැසක් අද දින සමුළුව සඳහා එක්වනු ඇත.
හෙට (29) දින සමුළුව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා සමඟ සිදුකරන සුවිශේෂී සාකච්ඡාවක් සමඟින් ඇරඹෙන අතර සමුළුවේ සෙසු සැසි වෙනුවෙන් දෙස් විදෙස් ව්‍යාපාරික නායකයින් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.