පෙබරවාරි මාසයේදී ගෙන්වන වාහන වල මිල” චුට්ටක්” වැඩිවනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පෙබරවාරි මාසයේ පළවෙනිදා සිට පෞද්ගලික වාහන ආනයනයට අවසර ලබා දෙන බවද ජනාධිපතිවරයා කීය.
හෝමාගම ජන හමුවක් අමතමින් ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.වාහන ගෙන්වීම ඇරැඹූ පසුව ආණ්ඩුවේ වාහන සංචිත තෝරා වෙන්සියේ විකුණන බවද ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
ඉකුත් සමයේ රටට බලපෑ විදේශ විනිමය අර්බුදයත් සමග 2022 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නතර කෙරිණි.අනතුරුව මෙරට වාහන මිල ගණන් ශීඝ්රයෙන් ඉහළ ගිය අතර නැවත ශ්රී ලංකාවට මෙලෙස වාහන ගෙන්වන්නට තීරණය කෙරුණේ වසර තුනකට පසුවයි.