දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ ඊයේ (25) දිනයේදී මෙම අනතුරු සිදුව ඇති බවය.
හලාවත පොලිස් වසමේ කොළඹ පුත්තලම මාර්ගයේ ලුණුඔය පාලම ආසන්නයේදී පුත්තලම දෙස සිට හලාවත දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබේ.
අනතුරට පත් තැනැත්තා එහිදී විසිවී ගොස් ඉදිරියෙන් පැමිණි තවත් මෝටර් රථයකට යට වීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මරණකරු වයස අවුරුදු 33ක් වූ හලාවත ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථ දෙකෙහි රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර හසලක පොලිස් වසමේ මහියංගනය මහනුවර මාර්ගයේ උඩුදහ ප්රදේශයේදී මහනුවර දෙස සිට මහියංගනය දෙසට ධාවනය වූ ලොරි රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් පෙරළී තිබේ.
අනතුරින් ලොරි රථයේ රියදුරු සහ සහයක බරපතළ තුවාල ලබා මහියංගනයට රෝහල වෙත ඇතුළත් කිරීමේදි රිය සහයක මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ අවුරුදු 46ක් වූ අකුරණ ප්රදේශයේ පදිංචිකරුවෙකි.