වාලච්චේන, පුලිපංචිකල් ප්රදේශයේදී ගංවතුරට හසුවී පුද්ගලයින් දෙදෙනෙකු ගසාගෙන ගොස් අතුරුදන්වී තිබේ.
ඊයේ (25) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.
එලෙස අතුරුදහන්වී ඇත්තේ අවුරුදු 52 හා 71 වයස්වල පසු වන සන්දිවේලි ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
මෙම පුද්ගලයින් දෙදෙනා එළවළු රැගෙන ඒම සඳහා වගා භූමියට ගොස් නැවත පැමිණෙමින් සිටියදී පුලිපංචිකල්ඔයේ ගංවතුරෙහි සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.
අතුරුදහන් වූ පුද්ගලයින් දෙදෙනා සොයා වාලච්චේන පොලීසිය විමර්ශන සිදුකරනු ලබයි.