2024 මහ කන්නයේ වි අස්වනු නෙළිම හම්බන්තොට දිස්ත්රික්කයේ ඇතැම් ප්රදේශවල සුළු වශයෙන් ආරම්භ වුවත් රජය තවමත් සහල් සඳහා මිලක් නියම කර නැතැයි ගොවීහු පවසති. එවන් පසු බිමක රතු නාඩු අමු වි කිලෝවක් මේ දිනවල රුපියල් 165 ත් 170 අතර මිළකට විවිධ පුද්ගලයන් මිළදි ගැනිම සිදුකෙරේ.
එසේ මිලදි ගන්නා වි පෞද්ගලික හාල් මෝල්වල කොටා රුපියල් 290 – 300 අතර මිලකට වෙළඳ පොළට නිකුත් කෙරේ.
සහල් වෙළඳ සල්වල එළිපිට මෙම ගණන්වලට හාල් විකිනිමට තබා නැති අතර පෞද්ගලිකව මෙම වැඩි මිළගණන් යටතේ පාරිභෝගිකයන් මිලදි ගනී.
මෙවන් තත්ත්වයක් ඇති පසුබිමක රජය තවමත් වි සඳහා සහතික මිලක් නියම නොකිරිම පාලන මිල අභිබවා සහල් මිල ඉහළ යැම පාලනය කිරිමට කිසිදු බලධාරියෙක් ඉදිරිපත්නොවීම ගොවි සංවිධාන සහ සහල් මෝල් හිමියෝ පවසති.
මේ සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්රික් ලෙක්ම බිමල් ඉන්ද්රජිත්ද සිල්වා මහතා අද පැවැති හම්බන්තොට දිස්ත්රික් කෘෂිකර්ම කමිටුවේදි සහල් මිල ගැන කියා සිටියේ රජය ස්ථාවර මිලක් වි සඳහා ඉදිරි දිනවල ප්රකාශයට පත්කිරීමට සූදානම් වි සිටිනවා.
හම්බන්තොට දිස්ත්රික්කයේ වි අස්වනු මහ පරිමාන වශයෙන් නෙළිමට තවත් කාලයක් ගතවෙනවා. සුළු වශයෙන් නෙළිම සිදුවෙනවා. දැනට රටේ විවිධ ප්රදේශවල පවතින කාළගුණික තත්ත්වයද සැලකිල්ලට ගෙන වී මිල තීරණය කිරිම සිදුකෙරෙන හෙයින් ඉදිරියේ දි සහල් මිලය නියම කිරීමෙන් පසුව එම මිලගණන් යටත් වි අලෙවි මණ්ඩලය මගින් වි මිලදි ගන්නවා.ඒ සඳහා ගබඩා පහසුකම් සියල්ල සකස් කර අවසන් වි තිබෙනවා.