වී කිලෝවක් සඳහා රුපියල් 130ත් 140ත් අතර ‘සහතික’ මිලක් ලැබිය යුතු යැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ඊයේ (20) පැවසීය.
වී පොහොර බෑගයකට යන තේ වන වියදම ලෙස රුපියල් 116.93 ක මිලක් ඉදිරිපත් කර ඇති බවත් එම රුපියල් 116.93 ට ලාභය ලෙස සියයට 25 ක් එකතු කළ විට රුපියල් 146.10 ක මිලක් ලැබුණු බවත් ඒ මහතා කීය.
එම මිලෙන් රුපියල් 6.10 ක් ද අඩු කර වී කිලෝවක් සඳහා රුපියල් 140 ක සහතික මිලක් ලැබිය යුතු බව කියන අනුරාධ තෙන්නකෝන් මහතා වී කිලොවක් සඳහා රුපියල් 130 ත් 140 ත් අතර පරායක සාධාරණ සහතික මිලක් දියයුතු බව ද සඳහන් කළේය.