යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්රිගෝ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහත්වරුන් අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය අගමැති කාර්යාලයේ දී පසුගිය (16) හමුවිය. යුද හමුදාපති වශයෙන් පත්වීම් ලැබීමෙන් පසු ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්රිගෝ සහ අගමැතිනිය අතර සිදු වූ පළමු නිල හමුව මෙය වන අතර, නව හමුදාපති ලෙස පත්වීම පිළිබඳ ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්රිගෝ මහතා වෙත අගමැතිනිය සිය සුභාශිංසන පළ කළාය.
26 වැනි නාවික හමුදාපතිවරයා ලෙස පත්වීමෙන් පසු වයිස් අද්මිරාල් කාංචන බානගොඩ හා අගමැතිනිය අතර සිදු වූ පළමු නිල හමුවද ඊයේ සිදු විය. අභිනව නාවික හමුදාපති ලෙස පත්වීම පිළිබඳව වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා වෙත අගමැතිනිය සිය සුභාශිංසන මෙහිදී පළ කළාය.