ගුරු – විදුහල්පතිවරුන්ගේ උසස්වීම් ලබාදීම සඳහා අදාළ චක්‍රලේඛය දින තුනක් ඇතුළත නිකුත් නොකළොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ ඊයේ (08දා) පැවසූහ.
ගුරු – විදුහල්පතිවරුන්ගේ ගැටලුවලට පිළියම් ලබාදෙන ලෙස ඉල්ලා ගුරු – විදුහල්පති ඒකාබද්ධ සන්ධානය නියෝජනය කරන වෘත්තීය සමිති 16ක නියෝජිතයන් ඊයේ පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ඇතුළු නිලධාරීන් හමුවී සාකච්ඡා කළ බව උන්වහන්සේ කීහ. එහිදී ගුරු – විදුහල්පති උසස්වීම් ලබාදීම සඳහා කඩඉම් ලකුණු ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවීම නිසා වසර ගණනාවකින් (20ක් 25ක්) ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට උසස්වීම් ලැබී නොමැති බවත් එය පසුව නිවැරදි කරගන්නාතෙක් ඔවුන්ට උසස්වීම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා එකඟවූ බවත් උන්වහන්සේ කීහ.
ගුරු – විදුහල්පති ගැටලු නිරාකරණය කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන ඇමැතිනි අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවියගෙන් අවස්ථාවන් කිහිපයකදී ඉල්ලා සිටි බවත් මේ වනතෙක් එයට අවස්ථාව ලැබී නොමැති බවත් උන්වහන්සේ කීහ.