මත්ද්‍රව්‍ය තොගයක් මේ රටට රැගෙන ආ ධීවරයාත්‍රාවක් සම්බන්ධයෙන් කළ විමර්ශන වලදී හික්කඩු ප්‍රදේශයේ නිවසක රෙදි සෝදන යන්ත්‍රයක් තුළ සඟවා තිබූ පිස්තෝලයක්, මැගසීනයක් සහ උණ්ඩ හතරක් සමග සැකකරුවෝ දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ(4) අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හික්කඩුව සහ ගිංතොට ප්‍රදේශවල පදිංචි අවුරුදු 30 ත් 33 ත් අතර වයස් වල පසු වන දෙනෙකි.
චානු පුතා නැමැති බහු දින යාත්‍රාව මගින් ඉකුත් ඔක්තෝබර් මාසයේ දිනක මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන්ට භාර දීී තිබුණි.