මහවෙල පොලිස් ස්ථානයේදී කොස්තාපල්වරයෙකු සතුව තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වී උණ්ඩයක් අසල සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ පාදයේ වැදීමෙන් තුවාල ලබා මාතලේ මහ රෝහලට ඇතුළත් කර ඇති බව මහවෙල පොලිසිය පවසයි.
වෙඩි වැදීම සම්බන්ධයෙන් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ මහවෙල පොලිසියට අනුයුක්තව විවිධ පැමිණිලි අංශයේ පරිගණක ක්‍රියා කරවමින් සිටි පොලිස් කොස්තාපල්වරියකි
මහවෙල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් 119 රාජකාරී සඳහා පිටව ගොස් අවශ්‍යතාවයක් සඳහා නැවත මහවෙල පොලිස් ස්ථානයට පැමිණ ඇත.
එම අවස්ථාවේදී කොස්තාපල්වරයකු සතුව තිබූ රිවෝල්වරය ක්‍රියාත්මක වී උණ්ඩයක් එම පොලිස් කොස්තාපල්වරියගේ පාදයේ සුලඟිල්ලේ වැදී තුවාල වී ඇති බව පොලිසිය පවසයි.
මහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.