77 වැනි ජාතික නිදහස් දින උත්සවය කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය වන්දන අබයරත්න මහතා පැවසීය.
මෙවර ජාතික නිදහස් සැමරුම් උත්සවය ජනතාවට නැරඹීම සඳහා අවස්ථාව දීමට අපේක්ෂා කරන බව අමාත්‍ය වන්දන අබයරත්න මහතා කියා සිටියේය.
නිදහස් උත්සවය සඳහා 1600 ක් පමණ ආරාධිතයින් සහභාගී වීමට නියමිත අතර රටේ අභිමානය විදහා දැක්වෙන පරිදි උත්කර්ෂවත්ව සහ වියදම් අඩු කරගනිමින් නිදහස් උළෙල පැවැත්වීමට රජය තීරණය කර ඇත.
ස්වදේශ කටයුතු අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ අද පැවති 77 වන ජාතික නිදහස් දින සැමරුමේ ප්‍රථම සංවිධාන කමිටු රැස්වීමට එක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.