අද (30) පෙරවරු 6න් අවසන් වු පැය 24ක කාලය තුළ සිදුකළ විශේෂ රථ වාහන මෙහෙයුමේ දී බීමත් රියදුරන් 413 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ.
තවද අපරික්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පැදවීමට අදාළව රියදුරන් 49 දෙනෙකු ද, අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධව රියදුරන් 110 දෙනෙකුද, මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රියදුරන් 1,086කුටද නීතිය ක්‍රියාත්මක කර තිබේ.
ඒමෙන්ම බලපත්‍ර වැරදි සම්බන්ධව රියදුරන් 694ක් සහ වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 5,324කටද නීතිය ක්‍රියාත්මක කර ඇත.
සමස්ත රථවාහන වැරදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර ඇති රියදුරන් සංඛ්‍යාව 7,676කි.