ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද( 29 ) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වර්ගෙ වල තොග මිල පහත ඉහළ යමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගම් නියෝජිතයෝ පවසති.
ඒ අනුව අද( 29 ) උදෑසන බෝංචි කිලෝවක තොග මිල රුපියල් 350 ත් 400 ත් අතර ඉහළ අගයකට අලෙවි වූ බව වෙළෙන්දෝ කියති. බෝංචි වෙළඳපළට ලැබීම ඉතාමත් සීමිත වීම නිසාවෙන් මිල ඉහළ යෑම සිදුවන බවත් එළවළු බහුතරයක ගුණාත්මක තත්වය පහළ වැටීම එළවළු තොග ලැබීම අඩු වී ඇති බව ඔවුහු අවධාරණය කරති.
අමුමිරිස් කිලෝව මෙදින රුපියල් 800 ක් 900 ත් අතර පැවතිනි . රුපියල් 300ක් 350කට අලෙවි වූ තක්කාලි කිලෝ එක මෙදින අලෙවි වූයේ රුපියල් 250ත් 200 ත් වැනි මිලකට ත් වට්ටක්කා කිලෝව රුපියල් 160 ත් 170 අතර මිලකට අලෙවි වෙයි. විශේෂයෙන් කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන කැරට් කිලෝවක් 230ත් 270 වූ මිල ගණන් යටතේ අලෙවිවීම විශේෂත්වයකි
ඒ අනුව පසුගිය දා ලීක්ස් කිලෝවක් රුපියල් සියයත් එකසිය විස්සත් අතර මිලකට අලෙවි විය. මේ වනවිට ලීක්ස් කිලෝවද 280 දක්වා කන්ද උඩරට ප්‍රදේශවලින් මෙන්ම පහත රට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු තොග මිලද ඉහල ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද( 29 ) එළවළු කිලෝවක පැවති තොග මිල මෙසේය
බෝංචි 350 -400
ලීක්ස් 250- 270
කැරට් 160 – 270
ගෝවා 100 – 130
තක්කාලී 280-300
රාබු 60- 120
කැකිරී 50- 80
පිපිඤ්ඤා 100-110
වැටකොලු 160 – 240
බණ්ඩක්කා 50 – 60
පතෝල 150 – 200
වම්බටු 350 -400
අමු මිරිස් 850-1000
මැකරල් 150 – 250
මාළු මිරිස් 550- 750