ඊශ්‍රායලය සහ දකුණු කොරියාව මුල්කර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පරිශ්‍රය සහ නාරාහේන්පිට කම්කරු අමාත්‍යංශය අයත් ගොඩනැගිල්ලත් කාර්යාංශයේ ගාල්ල පිහිටි දිස්ත්‍රික් කාර්යාල පරිශ්‍රයේ බිම් මහලත් යොදා ගනිමින් සිදුකර ලබා ඇති බව කියන මිනිස් ජාවාරමක් පිළිබඳව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයේ සිටි අයෙකු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව වාර්තා වේ.
ඊශ්‍රායල් රැකියා සහ දකුණු කොරියානු රැකියා ලබාදෙන බව කියමින් අයථා ලෙස මුදල් ඉපයූ බව කියන හිටපු අමාත්‍යවරයාගේ සමබන්ධීකරන ලේකම්වරයෙකුව සිටි භාග්‍ය කාරියවසම් නැමති පුද්ගලයා යි මෙලෙස අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව පැවසේ.
ඇතැම් වාර්තා සඳහන් කරන අන්දමට එම පුද්ගලයාත් එම ජාවාරමට සම්බන්ධ තවත් කිහිප දෙනෙකුත් මේවන විට අතුරුදහන්ව සිටි.
ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ ගාල්ලේ පිහිටි එම කාර්යාංශයේ දිස්ත්‍රික් කාර්යාල පරිශ්‍රයේ බිම් මහල භාවිතා කරමින් සිටි තිසර නානායක්කාර නැමැත්තාද මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ අයෙකු බවයි. ඔහු හිටපු අමාත්‍යවරයාගේ සොහොයුරා බව එම ප්‍රකාශකයා සඳහන් කර තිබේ.
හිටපු ඇමතිවරයාගේ සම්බන්ධීකරන ලේකම් වරයෙකුව සිටි දේශප්‍රිය ලියනගේ නැමැත්තාද මෙම මිනිස් ජාවාරමට සම්බන්ධව සිටි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ආරංචි මාර්ග සඳහන් කර තිබේ.