බීමත්ව රියපැදවීමේ චෝදනාවට අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්රය වසරක කාලයක් අත්හිටුවීමට හෝ රියදුරු බලපත්රය අවලංගු කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටීමට පොලීසිය කටයුතු කරමින් සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
රියදුරන් බීමත්ව රියපැදවීම බහුලව දැකිය හැකි වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් දඩුවම් වැඩි කළ හොත් මෙම තත්වය පාලනය කළ හැකි යැයි විශ්වාස කරන බවත් එම නිලධාරියා කීය.
පොලිසිය සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මේ වන විට ක්රියාත්මක කර තිබෙන රථවාහන වැරදි කරන රියදුරන් නීතියේ රැහැනට හසුකරගැනීමේ මෙහෙයුම ක්රියාත්මක බව කී එම නිලධාරියා ඊයේ (26) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුළ බීමත් රියදුරන් 395 කට එරෙහිව නීතිය ක්රියාත්මක කළ බව ද සඳහන් කළේය.
එම පැය 24 ක කාලය තුළ අපරීක්ෂාකාරී සහ අනතුරුදායක ලෙස රිය පැදවීමට රියදුරුන් 50 කට, අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධව රියදුරන් 120 කට, මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රියදුරන් 1,262 කට, බලපත්ර වැරදි සම්බන්ධ රියදුරන් 682 කට සහ වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 5,441 කට ලෙස රියදුරන් 7,950 කට එරෙහිව නීතිය ක්රියාත්මක කළ බව ද එම නිලධාරියා කීය.
මෙම මස 20 වැනිදා ආරම්භ කළ එම මෙහෙයුම තව දුරටත් ක්රියාත්මක කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.