මීගොඩ ,භීතියට පත් කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලුණු විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ගේ ප්‍රධානතම ගෝලයකු මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය විකිණීමෙන් උපයා ගත් මුදල් රුපියල් දස දහසක් සමඟ අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථාපිතව ඇති යතුරුපැදි ඒකකයේ ස්ථානාධිපතිවරයාට සැකකරු මීගොඩ ප්‍රදේශයේ ස්ථානයක සිටින බවට ලද රහසිගත තොරතුරක් මත වැටලීමක් සිදුකොට සැකකාර පුද්ගලයා මත්ද්‍රව්‍ය ද සමඟ ඊයේ(24) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් වූ සැකකරුට පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කඩුවෙල අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක වරෙන්තු කරුවකු ලෙස අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග ලද පුද්ගලයෙක් බවත් කප්පම් ගැනීම් හා පහරදීම් මෙන්ම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් මෙම සැකකරු සොයමින් සිටි පුද්ගලයෙක් බවත් පොලිසිය පැවසීය.
ඩුබායි රාජ්‍යයේ සිට හඳයා නැමති සංවිධානාත්මක අපරාධකරු විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධානතම බෙදුම් කරු ලෙස අත්අඩංගුවට පත් සැකකාර පුද්ගලයා සේවය ලබාදී ඇති බවත් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.