මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යකර සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (24) අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි.
මේ මස 22 වනදා මාදම්පේ පොලිස් වසමේ දෙමටපිටිය ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු අතින් සහ පයින් පහරදී වයස අවුරුදු 42ක් වූ පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
ඝාතනයට ලක් වූ පුද්ගලයා මනක්කුලම, කාක්කපල්ලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර, ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණි.
එම විමර්ශනයේදී අපරාධයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් ඊයේ (24) සවස මාදම්පේ, දෙමටපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 හා 53 වයස්වල පසුවන කරවිටාගාරය ප්‍රදේශයේ පදිංචි පියෙකු සහ පුතෙකු බව පොලීසිය පවසයි.
මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.