සහල් ආනයනය සඳහා අවසර ලබාදීමේ කාලසීමාව දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.
අද (24) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ඒ අනුව ආනයනික සහල් තොග ගෙන්වීම සඳහා ලබා දී ඇති කාළ සීමාව 2025 වසරේ ජනවාරි 10 දින දක්වා දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවය.
දේශීය වෙළෙඳපොළේ පවතින සහල් හිඟය 2025 වසරේ ජනවාරි මස අවසානය දක්වා පැවැතීමට ඉඩ ඇති බව නිරීක්ෂණය වී ඇති හෙයින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් මේ සඳහා වන යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර තිබේ.
ඒ අනුව එම කාලසීමාව දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.