පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අලුත් අවුරුදු උත්සවයට පෙර පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී ඊයේ (20) පැවසීය.
ජනාධිපතිවරයා මහනුවරට ගොස් මල්වතු අස්ගිරි පාර්ශවයන්හි මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
පසුව මාධ්‍යට අදහස් දක්වමින් මෙසේද පැවසීය.
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අලුත් අවුරුදු උත්සවයට පෙර පැවැත්වීමට කටයුතු කරනවා. එම ඡන්දයට නාමයෝජනා බාරදුන් සන්ධාන අද නැහැ. ඒ සන්ධාන කැඩිලා. මේ නිසා ප්‍රශ්න නියෙනවා. නාම යෝජනා අවලංහු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. ඒ අනුව පනත සංශෝධනය කර ජනවාරි මාසයේදී පනත සම්මත කර ගන්නවා. ඊට පසු ඡන්දය පවත්වන්න පුළුවන්.