අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2024(2025) ලබන වසරේ මාර්තු මස 17 වැනිදා සිට මාර්තු 26 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (18) පස්වරුවේ පැවසීය.
එම විභාගය පිළිබඳ වැඩි විස්තර 1911 (සෘජු දුරකථනය), 0112784208, 0112784537 සහ 0112786616 යන දුරකථනවලට ඇමතීමෙන්, 0112784422 ෆැක්ස් අංකයට හෝ gceolexamsl@gmail.com යන විද්‍යුත් ලිපිනයට හෝ යොමු කිරීමෙන් ලබාගත හැකි බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.
එසේ නැත්නම් 0112786200, 0112784201 සහ 0112785202 පොදු දුරකථනවලට හෝ ඒවායේ 263, 265, 280, 282 සහ 443 යන දිගුවලට ද අමතා වැඩි විස්තර ගතහැකි බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.