වාද්දුව මැද පාර ප්රදේශයේ නිවාස වලට රාත්රී කාලයේ දින කිහිපයකට සිට ගල් ප්රහාර එල්ලකල බව කියන තරුණයන් 15 ක් සැකපිට පොලිස් භාරයට ගත්බව වාද්දුව පොලිසිය පවසයි.
මෙසේ පොලිස් භාරයට ගෙන ඇත්තේ එම ප්රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින තරුණයන් පිරිසකි.
දින කිහිපයක සිට වාද්දුව පොලිස් වසමට අයත් වාද්දුව තල්පිටිය මැද පාර ප්රදේශයේ නිවාස වලට රාත්රී කාලයේදී ගල් ගසමින් ජනතාව භීතියට සහ කෝපයට පත් කරන බවට වාද්දුව පොලිසියට ද පැමිණිලි ඉදිරිපත් වී තිබුණි.
එම තත්ත්වය පිළිබඳව වාද්දුව පොලීසිය හා ප්රදේශවාසී ජනතාව මුළු රාත්රිය පුරාම එම නිවාස වලට ගල් ගසන පුද්ගලයින් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබූ අතර ඊයේ රාත්රි ප්රදේශයේ වහල්වලට නැග සැගව සිට නිරික්ෂණය කිරීමෙන් පසු සැකකරුවන් අල්ලාගෙන තිබේ.