උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඌව සහ මධ්‍යම පළාත්වලත් රත්නපුර, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
වයඹ සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
දිවයිනේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණතරමක තද සුළං ඇතිවිය හැක.