ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉකුත් වසර දහතුනක කාලයේ දී (2011 වසරේ සිට 2023) ආපදා අවම කිරීමේ ව්‍යාපෘති සඳහා රුපියල් තුන්සිය විසිහතර කෝටි හැත්තෑ හත්ලක්ෂ හැට එක්දහස් පන්සිය පනස් නමයක (3,247,761,559) වියදමක් දරා ඇතත් එකී ව්‍යාපෘතිවලින් ලබා ගෙන ඇත්තේ ඉතා අල්ප ප්‍රතිඵලයක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි.
ගංවතුර, නායයෑම්, දැඩි සුළං තත්ත්ව හේතුවෙන් ඉකුත් වසර දෙකේ දී (2022, 2023) පුද්ගලයෝ දෙලක්ෂ තිස්පන්දහස් තුන්සිය විසිනවදෙනෙක් (235,389) පීඩාවට ලක්වූහ.
ආපදා අවම කිරීමේ ව්‍යාපෘතිවලින් අපේක්ෂිත ප්‍රතිඵල ළඟාකරගත යුතු බැව් විගණනය මගින් නිර්දේශ කර ඇත. මේ පිළිබඳ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ ඉකුත් වසර 13 දී ලැබී ඇති ආපදා අවම කිරීමේ ප්‍රතිපාදනවලින් පමණක් ආපදාවන්ගෙන් පීඩාවට පත්වන පුද්ගලයන් සංඛ්‍යාව අඩු කළ නොහැකි බවය. මේ සඳහා බලපානු ලබන සමාජ, ආර්ථික, හා පුද්ගලයානුබද්ධ කරුණු බොහෝමයක් හේතු වී ඇති බව ද කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත.