සියලු ධීවර යාත්රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසීය.
දිවයින අවට මුහුදු තීරයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය නිසා මෙම පියවර ගන්නා බවද අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
මේ අනුව යාපනය, කිලිනොච්චි, මුලතිව්,මඩකලපුව,ත්රිකුණාමලය, හම්බන්තොට, අම්පාර,ගාල්ල ,මාතර,කොළඹ , කළුතර ,පුත්තලම,මන්නාරම දක්වා දිවයින වටා සියලුම ධීවර වරායන් වලින් සහ කුඩා යාත්රා දියත් කරන තොටුපළවල් සහ නැංගුම් පොළවලින් දියත් කරන බහු දින ධීවර යාත්රා, එක් දින යාත්රා සහ සම්ප්රදායික කුඩා යාත්රා ඇතුළු සියලු ධීවර යාත්රා රැකියා සඳහා පිටත් වීම නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේය.