පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ ඊ (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පවසයි .
විශේෂයෙන් ඉහල තේ වත්තේ කොටසක් මෙසේ නාය යාමට ලක්වී විශාල මඩ, පස්තට්ටු ප්‍රධාන මාර්ගයට කඩා වැටීමට පටන් ගෙන ඇති බවත් , හෙට දින අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට යන සිසුන් ට කිසියම් මාර්ග අපහසුතාවක් ඇති විය හැකි නිසාවෙන් එම ස්ථානයේ ජේසිබී බැකෝයන්ත්ර හදිසි අවශ්‍ය තාවකදී ප්‍රයෝජනයට ගැනිමට නවතා තබා සූදානම් කර ඇතැයි එහි නිලධාරියකු සදහන් කළේය .
පසුගිය වසරේද පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) මෙම ස්ථානයේම මෙසේ නාය යාම නිසාවෙන් දින කීපයක් පුරා මාර්ගය වසා දමා රථ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම අඩාල වී තිබූ බවද මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය වැඩිදුරටත් පැවසීය .