හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30කට ආසන්න පිරිසක් තවදුරටත් නිල නිවාස භාරදී නොමැති බව වාර්තා වී තිබේ.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ ඇතැම් හිටපු මන්ත්‍රීවරුන් සිය නිවාසවල භාණ්ඩ ඉවත් කර ගනිමින් සිටින බවය.
නවක මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලබා දීමට අවශ්‍ය බව දන්වමින් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ට එම නිවාසවලින් ඉවත් වන ලෙස දැනුම් දී තිබුණි.
ඒ අනුව පසුගිය (22) දිනයේදීත් මන්ත්‍රීවරුන් හත්දෙනෙකු නිල නිවාසවලින් ඉවත් ව ගොස් තිබේ.
මේ අතර අදාළ නිවාසවලින් ඉවත් නොවුනහොත් එම නිවාසවලට ලබා දෙන ජලය සහ විදුලිය විසන්ධි කරන බවට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පසුගියදා එම මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම්දී තිබුණි.
කෙසේ වෙතත් නවක මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලබාදීම සඳහා මේ වන විට එම නිවාස අලුත්වැඩියා කටයුතු සිදු කරන බවද පාර්ලිමේන්තු ප්‍රකාශකයෙකු සඳහන් කලේය.
නවක මන්ත්‍රීවරුන්ට මාදිවෙල පිහිටි නිවාස සංකීර්ණයේ නිවාස ලබාදීම දෙසැම්බර් 03වනදා සිදු කරන බවද සදහන් වේ.
මේ අතර මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීම සදහා මන්ත්‍රීවරුන් 35දෙනෙකු පමණ මේවන විට ඉල්ලීම් කර තිබේ.
නිවාස අවශ්‍ය මන්ත්‍රීවරුන්ට ඒ සදහා අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තුව විසින් මින් පෙර දැනුම්දීමක් සිදුකර තිබුණි.
පාර්ලිමේන්තු සංකීර්ණයට කිලෝමීටර් 40කට වඩා දුරින් නිවාස පිහිටා ඇති මන්ත්‍රීවරුන්ට මේ සදහා ඉල්ලීම් සිදු කල හැකිය.