මෙම වසරේ ගිනස් ලෝක වාර්තා දිනය සැමරීම සඳහා ලොව උසම කාන්තාව සහ ලොව මිටිම කාන්තාව ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී පසුගියදා තේ පැන් සංග්‍රහයක් සඳහා මුණ ගැසුණාය.
වෙබ් අඩවි නිර්මාණ කරන්නියක ලෙස සේවය කරන තුර්කියේ 27 හැවිරිදි රුමෙයිසා ලොව උසම කාන්තාවට හිමි ලෝක වාර්තාව හිමිකරගෙන සිටින අතර ඇයගේ උස අඩි 7 යි අඟල් 1 කි. ඉන්දියානු නිළියක වන 30 හැවිරිදි ජෝති ලොව මිටිම කාන්තාව වන අතර ඇයගේ උස අඩි 2 යි අඟල් 1 කි.
පසුගිය 13 වැනිදාට යෙදී තිබුණු ගිනස් ලෝක වාර්තා දිනයේ විශේෂ අවස්ථා සැමරීම සඳහා ජෝති සහ රුමෙයිසා ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී මෙලෙස මුණ ගැසුණාය.
දෙදෙනා රූපලාවන්‍ය සහ තවත් කරුණු ගණනාවක් පිළිබඳ එහිදී කතා කර ඇති බවත් තේ පැන් සංග්‍රහය අවසන් වනවිට දෙදෙනාම හොඳම මිතුරියන් වී ඇති බවත් ගිනස් ලෝක වාර්තාව ප්‍රකාශ කළේය.
දෙදෙනාගේ හමුව පිළිබඳ ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමටද ගිනස් ලෝක වාර්තාව කටයුතු කළේය.