පාර්ලිමේන්තු මැතිවරණයේ අද (30) පැවැත්වෙන තැපැල් ජන්ද සලකුණු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ වලංගු හැදුනුම්පතක් අනිවාර්යය බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පැවසීය.
අද දින මැතිවරණ කොමිෂන් සභා කාර්යාල, දිස්ත්රික් ලේකම් කාර්යාල, පොලිස්පති කාර්යාලය ඇතුළු සියලු පොලිස් ස්ථාන සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව තිබෙන අතර අද දිනයට අමතරව අදාල කාර්යාල සදහා නොවැම්බර් 4 වන දිනද ඒ සඳහා අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
අද පැවැත්වෙන තැපැල් ඡන්ද සලකුණු කිරීම නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂකයින් 1000 ක් පමණ යෙදවීමට පියවර ගෙන ඇතැයි ෆැපරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.