ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ සංචාරයක ඊයේ නිරත විය.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු ඔහු යුද හමුදා මූලස්ථානයට පැමිණි පළමු නිල සංචාරය මෙයයි.
ආරක්ෂක ලේකම්වරයා සම්ප්‍රාප්ත වීමත් සමඟ යුද හමුදා විධායක ජෙනරල් මේජර් ජෙනරල් චමිල මුණසිංහ විසින් සම්මාන මුරයක් පිරිනමමින් ඔහු පිළිගනු ලැබීය.
ඉන් අනතුරුව, යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ආරක්ෂක ලේකම්වරයා ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, ඔහු යුද හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු කාර්යය මණ්ඩලය හඳුන්වා දෙනු ලැබීය.
මෙහිදී, ආරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා සුහද සාකච්ඡාවක නිරත වූ අතර, යුද හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟද සාකච්ඡාවක නිරත විය.
එහිදී භට පිරිස් ඇමතූ ආරක්ෂක ලේකම්වරයා, සිදුවිය හැකි කැරලි, ස්වභාවික විපත් සහ වසංගත පිළිබඳව නිසි අවධානය යොමු කරමින් ජාතික ආරක්ෂාව ප්‍රමුඛත්වය කොට ගනිමින් රටේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා හමුදාව දක්වන දායකත්වය පිළිබඳව අගය කළේය.
අනතුරුව, අමුත්තන්ගේ පොතේ සටහනක් තැබූ ආරක්ෂක ලේකම්වරයා, මෙම අවස්ථාව සනිටුහන් කිරීම උදෙසා සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.