මාතර රුවන්වැල්ල ප්රදේශයේදී ත්රිරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයකුට ඉකුත් 15 වැනිදා පස්වරුවේ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්රධාන සැකකරු බව කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු කොස්තාපල්ගේ නිවෙසේ තිබී උණ්ඩ විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුම් කොටස් ඇතුළු භාණ්ඩ තොගයක් එම බළකාය විසින් සොයා ගනු ලැබීය.
සොයාගත් භාණ්ඩ අතර විශේෂ කාර්ය බළකායේ කැලෑ නිල ඇඳුම් කට්ටලයක්, බූට්ස් ජෝඩුවක්, විශේෂ කාර්ය බළකායේ ලාංඡන, දණහිස් හා වැලමට ආවරණ, මිලිමීටර් නමයේ වර්ගයේ පිස්තෝල සහ වෙනත් ගිනි අවිවලට යොදන උණ්ඩ 8 ක් තිබූ බව විශේෂ කාර්ය බළකාය පවසයි.
විශේෂ කාර්ය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (19) රාත්රියේ සැකකරුගේ මාතර පරමුල්ල නිවෙස පරීක්ෂා කිරීමේදී ඔහුගේ කාමරයේ තිබි මෙම භාණ්ඩ සොයාගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 18 වැනිදා විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් හෙළිකරගත් තොරතුරු මත මෙම වැටලීම සිදු කර ඇත.
සැකකාර විශේෂ කාර්ය බළකා කොස්තාපල්වරයා වැඩ තහනමට ලක්ව සිටින්නකු බව ද විශේෂ කාර්ය බළකාය පවසයි.