අපි දෙසැම්බර් මාසයේ අතුරු අයවැයක් ඉදිරිපත් කරනවා. පෙබරවාරි මාර්තු වන විට නව අයවැය ලේඛනයක් ඉදිරිපත් කරනවා. එම අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකිරීම පිළිබඳව අවධානය යොමු කරනවා යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තංගල්ලේදී ඊයේ පැවසීය .
ජනාධිපතිවරයා මෙලෙස අදහස් පළකළේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික ජන බලවේගයේ මංගල ප්රචාරක රැළිය අමතමිනි .
තංගල්ල මහජන ක්‍රීඩාංගණයේ මෙම රැළිය පැවත්විනි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය .
ආරම්භයක් වශයෙන් අපේ ප්රබලතම අභියෝගය බවට පත්වෙලා තිබුණේ ආර්ථිකය ස්ථාවර කිරීම. අප එය ඉටුකලා. අපි ඉදිරිපත් කරන අයවැයෙන් පාසල් දරුවන්ට දීමනාවක් ලබා දීම ගැන අවධානය යොමු කරනවා .
එසේම දිළිදු ජනතාවට දුබලතා ඇති පුද්ගලයන්ට ලබා දෙන එලඹෙන අයවැයෙන් අපි සහතික වශයෙන් වැඩිකරනවා.
අපේ රටට නව දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. එය නිර්මාණය කිරීමේ ප්‍රධානම වගකීම තිබෙන්නේ අපට. ආණ්ඩුවේ නායකයන් හැටියට එයට අපේ කැපවීම පෙන්වන්න ඕනෑ . අපට බලවත් ආණ්ඩුවක් අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ බලවත් වෙන්න ඕන වගේම නියෝජනය කරන කණ්ඩායමේ ගුණාංගවලින් බලවත් වෙන්න ඕනෑ .පියවරෙන් පියවර මේ රට ශක්තිමත්ව ජයග්‍රහණය කරා මෙහෙයවීමේ වගකීම අපි බාර ගන්නවා