වලපනේ බටගොල්ල ප්‍රාථමික විද්‍යාලයේ එක වසරේ සහ හතර සිසුන් 20 දෙනකු ආසාත්මිකතාවයක් හේතුවෙන් අද පස්වරුවේදී වලපනේ , මුලහල්කැලේ ප්‍රාදේශීය රොහලට ඇතුළත් කළ බව වලපනේ පොලිසිය පවසයි .
දිවා ආහාරයෙන් පසුව සිසු සිසුවියන්ට වමනය සහ 4 වන ශ්‍රේණියේ සිසු සිසුවියන් පිරිසකට හිසෙහි කැක්කුම හේතුවෙන් රෝහල්ගත කර තිබුණි.
ආසාත්මිකතාවයට හේතුව මෙතෙක් අනාවරණයවි නොමැත. සිසුන් රෝගීවූ අවස්ථාවෙිදීම වලපනේ කලාප අධ්‍යාපන කාර්යාලයේ උසස් නීළධාරිණියක එම විද්‍යාලයට ගොස් වලපනේ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්යක්ෂ කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද කැඳවා පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කර තිබේ.
සිසුන් සඳහා ලබාදෙන ආහාර සාම්පලයක්ද වෛද්‍ය පරීක්ෂණය සඳහා යොමුකර ඇත. තවද පානීය ජල පද්ධතියද පරීක්ෂාවට ලක්කර තිබේ.
මේ සම්බන්ධව ලංකාදීපය වලපනේ කලාප අධ්‍යාපන කාර්යාලයේ උසස් නිළධාරියෙක්ගෙන් කළ විමසීමේදී දෛනිකව සිසුන්ට ලබාදෙන ආහාර විදුහල්පති ,පංතිභාර ගුරුවරුන් පරීක්ෂාකර ලබාදෙන බව ද අද ලබා දුන් ආහාර සාම්පලයක් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කළ බවද පැවසීය.