පාර්ලිමේන්තු මහා මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම මේ මස 30 සහ නොවැම්බර් මස 01 සහ 4 යන දිනවලදී සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
එම දිනවලදී තැපැල් ඡන්දය සළකුණු කිරීමට නොහැකි වූ ඡන්ද දායකයන්ට ඒ සඳහා නොවැම්බර් මස 7 සහ 8 යන දිනවලදී අවස්ථාව හිමිවන අතර ඔවුන් දිස්ත්රික් මැතිවරණ කාර්යාලවලට ගොස් තැපැල් ඡන්දය සළකුණු කළ යුතු බවද එම කොමිෂන් සභාව සඳහන් කරයි.
මේ අතර තැපැල් ඡන්ද පත්රිකා නිකුත් කිරීම සහ තැපෑලට බාරදීම මේ මස 23 වෙනි දින සිදුකරන බවද මැතිවරණ කොමචන් සභාව සඳහන් කරයි.