කළුතර උතුර, වස්කඩුව ප්රදේශයේ මුහුදේ විනෝදයට දියනෑමට ගිය තරුණයකු අද පස්වරුවේ මුහුදේ ගිලී අතුරුදන්ව ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .
මෙසේ අතුරුදන්ව ඇත්තේ මොරොන්තුඩුව ප්රදේශයේ හෝටලයක කොත්තු බාස් වරයකු ලෙස සේවය කරන බාග්යවන් සෙල්වනායගම් නමැති 26 විවාහකයකු බවත්, ඔහු නුවරඑළිය නාවාඑළිය ප්රදේශයේ පදිංචි කරුවකු බවත් පොලිසිය කීය.
අතුරුදන් තරුණයා පොහොය දින නිවාඩු දිනයක් බැවින් මිතුරන් සමග කුඩා වස්කඩුව මුහුදු වෙරළට පැමිණ දියනෑමට ගොස් ඇති අතර , එක්වරම රළ පහරට හසුව නොපෙනී ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය කීය.