පසුගිය වසරේ (2023) නව පිළිකා රෝගීන් 33,000කට අධික සංඛ්‍යාවක් හමුවී ඇති බවත් මරණ 19,000ක් සිදුව ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවැසීය.
පිරිමින් අතර මුඛ පිළිකා සහ කාන්තාවන් අතර පියයුරු පිළිකා ඉහළ අගයක් ගන්නා බවත්, 2050 වන විට ලෝකයේ නව පිළිකා රෝගීන්ගේ සියයට හැත්තෑ හතක් (77%) ක වැඩිවීමක් අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා පිළිකා රෝගී විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ 21 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය 2024 සමාරම්භක අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය ලේකම්වරයා එසේ කීය. උත්සවය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලධාරි හෝටලයේදී පැවැත්විණි. මෙය ඔක්තෝබර් 10 සිට අද (14දා) දක්වා පැවැත්වේ.
ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලය යනු ලංකාවේ පිළිකා රෝග විශේෂඥ ක්ෂේත්රයේ ප්රගමනය සඳහා කැපවී සිටින ප්‍රමුඛතම වෘත්තීය ආයතනයයි. ශ්‍රී ලංකාවේ පිළිකා රෝග විශේෂඥයන් අතර, සහෝදරත්වය සහ සහයෝගිතාව වර්ධනය කිරීම, දැනුම යාවත්කාලීන කිරීම සහ සායනික භාවිතයෙන් වැඩිදියුණු කිරීම ද අරමුණු කරගෙන විදේශ විශේෂඥයන් සහ දේශීය විද්වතුන් රැසකගේ දේශන, ප්‍රායෝගික අත්දැකීම් බෙදාහදා ගැනීම්, පිළිකා සම්බන්ධව මෙරට සිදු කරන නවතම පර්යේෂණ ප්‍රථිඵල ද සමග “ක්ෂිතිජය පුළුල් කිරීම, ජීවිත වැඩි දියුණු කිරීම”, ෑංච්බාසබට යදරස‘දබිල ෑබය්බජසබට කසඩැි, යන්න තේමා කර ගනිමින් මෙම සමාරම්භක සැසිය පැවැත්වේ. උත්සව සභාව අමතමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ පිළිකා රෝගය ගෝලීය සෞඛ්‍ය අභියෝගයන්ගෙන් එකක් ලෙස පවතින බවයි. 2022 දී පමණක් ලොව පුරා මිලියන 20 කට ආසන්න ජනතාවක් පිළිකා රෝගයට ගොදුරුව ඇති බවත්, ඒ හේතුවෙන් මිලියන 9.7 කට අධික ජීවිත අහිමි වූ බවත් පැවැසීය. අනෙකුත් බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ද පිළිකා රෝගයේ වැඩිවන බරට මුහුණ දී සිටින බවත්, පසුගිය වසරේ නව පිළිකා රෝගීන් 33,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ද මරණ 19,000ක් වන බව ද පැවැසීය. වයස, ස්ත්‍රී පුරුෂ භාවය හෝ පසුබිම පිළිකාව වෙනස් කොට සලකන්නේ නැති බව ඉහත සංඛ්‍යාලේඛනවලින් තහවුරු වන බව ද පෙන්වා දෙන ලදී.
මෙරට පියයුරු, ගැබ්ගෙල, පෙනහළු සහ මහා බඩවැලේ පිළිකා රෝගී තත්ත්වයන් මරණ සඳහා ප්රමුඛව දායක වන බවත්, සැලකිය යුතු ලෙස පිරිමින් අතර මුඛ පිළිකා ඉහළම අගයක් ගන්නා බවත් හෙතෙම පැවැසීය. මුඛ පිළිකා සහ පියයුරු පිළිකා ඉහළ අගයක් ගන්නා බැවින් වැළැක්වීම, කලින් හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතු බව ද පෙන්වා දෙන ලදී.
සෞඛ්‍ය සේවාවේ නියමුවන් ලෙස මෙම අභියෝගයට මුහුණ දීමේ වගකීම අප සතු වන බවත්, විශේෂයෙන් අප වැනි අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල පිළිකා රෝගය ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති බව ද පැවැසීය. 2050 වන විට ලෝකය නව පිළිකා රෝගීන්ගේ 77% ක වැඩිවීමක් අපේක්ෂා කරන බවත් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල විශාලතම වැඩිවීමක් සිදුවනු ඇතැයි පුරෝකථනය කර ඇති බව ද පැවැසීය.මෙහිදී ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ නව සභාපති ලෙස වෛද්‍ය උමා ගෞරි සරවනමුත්තු මහත්මිය පත් කෙරිණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා, ලේකම් වෛද්‍ය බුද්ධික සෝමවර්ධන යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ විශේෂඥ වෛද්‍යවරුන්, ඇතුළු සාමාජිකයෝ රැසක් එක්ව සිටියහ.