පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවතුර තත්වය අවම කිරීමට ශ්රී ලංකා යුද්ධ හමුදා හමුදවේ 2 ශ්රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් කටයුතු කරන ලදී.
හදිසි ආපදා තත්ත්වයකදී පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමටත්, ආපදා කළමණාකරන කටයුතුවලදී අදාළ වගකිව යුතු ආයතන වෙත පූර්ණ සහයෝගය ලබාදීමට ඕනෑම අවස්ථාවකදී සහභාගී වීම සඳහා භටපිරිස් සූදානම් කරන ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් 1 බලකායේ බලකාධිපති හා සියලුම ආරක්ෂක සේනා ආඥාපතිවරුන් වෙත කරන ලද දැනුම් දීම මත මෙම කටයුතු ආරම්භ කර ඇත.