මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවට අයත් PO LANG පුහුණු රුවල් යුද නෞකාව(Chinese People’s Liberation Army Navy Sail Training War ship) නිල සංචාරයක් සඳහා ඊයේ (08දා) පෙරවරුවේ කොළඹ වරායට සම්ප්රාප්ත විය.
ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්රදායානුකූලව පිළිගන්නා ලදී.
කොළඹ වරායට පැමිණි Sail Training Vessel වර්ගයට අයත් POLANG පුහුණු රුවල් යුද නෞකාව මීටර් 86ක් දිගය. නැව් මුළුව පුහුණුවන නිලධාරීන් 35 දෙනකු ඇතුළු 130 දෙනකුගෙන් සමන්විත වේ.
මෙම පුහුණු රුවල් නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළදී එහි නැව් මුළුව මෙරට වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතය. නෞකාවේ මෙහෙයුම් ක්රියාකාරීත්වය පිළිබඳව ශ්රී ලංකා නාවික හමුදා නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්වේ.
මෙම නෞකාව ඔක්තෝබර් 11දා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.