පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් වැයකළ මුදල් පිළිබඳ වාර්තා සුළු පක්ෂ කීපයක් පමණක් දැනුම්දී ඇතත් සෙසු අපේක්ෂකයන් තවමත් දැනුම් දී නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.ඇල්. රත්නායක මහතා ‘දිවයින’ට පැවසීය.
ජනාධිපතිවරණයට වියදම් කළ මුදල් සම්බන්ධයෙන් ලබන 13 වැනිදා තෙක් දැනුම් දිය හැකි අතර එසේ දැනුම් නොදෙන අපේක්ෂකයන්ට පොලිසිය මගින් නඩු පවරන බවද සභාපතිවරයා පැවසීය.