මැතිවරණ කොමිෂන් සභාව විසින් ස්වාධීන අපේක්ෂකයන් සඳහා ඉදිරිපත් කර තිබෙන ඡන්ද සලකුණු (ලාංඡන) යම් අපේක්ෂකයකු විසින් ලබානොගෙන ඔහු විසින් කිසියම් සලකුණක් ඇඳ එය ලබාදෙන ලෙස ඉල්ලීම් කළහොත් එම ලකුණ ලබාදීමට සලකා බැලීමට මැතිවරණ කොමිසමට හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. එල්. ඒ. රත්නායක මහතා ‘දිවයින’ට ඊයේ (03දා) පැවසීය.
යම් අපේක්ෂකයකු ජනාධිපතිවරණයේදී මැතිවරණ කොමිසම විසින් ලබාදී තිබූ ඡන්ද සලකුණක් (ලාංඡනයක්) මහා මැතිවරණයටත් ඉල්ලා සිටින්නේ නම් එය ලබාදීමේ හැකියාව කොමිසමට පවතින බවද රත්නායක මහතා කීය.