ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා 04දා (අද) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වේ.
මෙම සංචාරයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන් බැහැදැකීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්රමුඛ දූත පිරිස විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
ජයශංකර් අමාත්‍යවරයා සමග ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද මෙම සංචාරයට එක්වෙති.