තමන් ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගන්නාවිට බැංකු ගිණුමේ මුදල් නොතිබූ බවත් මේ වනවිට තමා ජීවත් වන්නේ ඉඩම් විකුණමින් බවත් හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. ආණ්ඩුවෙන් තමන්ට කිසි දෙයක් නොලැබෙන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අවුරුදු නවයක් තමන්ට විශ්‍රාම වැටුප ලබා නොදුන් බවත් ඇය සඳහන් කරයි අපි කාගෙන්වත් කාලා නැහැ. අපේ තියෙන ඒවා අනික් අයට දුන්නා පමනයි යැයි ද ඇය සඳහන් කරයි. ජනාධිපති ධුරයෙන් ගෙදර යනකොට තම බැංකු ගිණුම ඕවර් ඩ්රාෆ්ට්වී තිබූ බවත් සිය සේවක මණ්ඩලයේ පඩි ගෙවන්නේ ද තමා බවත් ලයිට් බිල්, වතුර බිල් ගෙවන්නේ ද තමාම යැයි ද ඇය සදහන් කරයි. තමාට ලැබිලා තියෙන්නේ රජයේ ගෙයක් සහ වාහන 4ක් බවද තම ගමන් බිමන් වලට ජීප් රියක්, කාර් එකක් ද ආරක්ෂකයින්ට වාහන දෙකක් ද කාර් 4ක් ද ඇති බව ඇය පවසයි. අවශ්‍ය නම් ඒවාද ගත්තාවේ යැයි ද බස් එකේ ගන්න තමාට කිසි ලැජ්ජාවක් නැතැ’යි ද ඇය වැඩි දුරටත් සදහන් කරයි.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Previous Articleපුරෝකථනය කළ ප්‍රමාණයට වඩා මේ වසරේ ඉහළ ආර්ථික වර්ධනයක්
Next Article සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි

