පසුගිය කාලයේ ලබාදුන් ඇතැම් මත්පැන්හල් බලපත්‍ර සඳහා සුරාබදු දෙපාර්තමේන්තු ඇතැම් නිලධාරීන් ලක්ෂ 200ක කොමිස් මුදලක් අල්ලස් ලෙස ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයි ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසයි.
එලෙස අල්ලස් ලබාදී විවෘත කළ සුරාසල්වල සියලු විස්තර මෙන්ම එම දූෂිත ගනුදෙනුවලට අදාළ හඬපට පවා තමන් සතු බව ඔහු අනාවරණය කරයි. පසුගියදා මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් කරුණු දැක්වූ වසන්ත සමරසිංහ මහතා එලෙස අල්ලස් ලබානොදුන් පුද්ගලයන්ට මත්පැන්හල් බලපත්‍ර ලබා නොදීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබූ බව ද එම නිසා මේ පිළිබඳ විධිමත් පරීක්ෂණ සිදුකර රටට අයවිය යුතු බදු මුදල් අය කරගැනීමට කටයුතු කරන බවද සඳහන් කළේය.
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබඩ මහතා මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේ, ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් ජාවාරමට සම්බන්ධ රට හැර යෑමට සූදානම් සුරාබදු නිලධාරීන්ට එරෙහිව කඩිනමින් පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි. ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් ජාවාරම නිසා වසරකට රුපියල් බිලියන 10ක පමණ බදු ආදායමක් රටට අහිමිවී ඇති බවද ගාමිණී වලේබොඩ මහතා කියා සිටියේය.