ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තමන්ට නියමිත ඡන්ද පොළේ දී ස්වකිය ඡන්දය දීමට නොහැකි වේ යැයි සාධාරණ බයක් ඇති ඡන්ද හිමියන්ට වෙනත් යම් ඡන්ද පොළක දී ඡන්දය දීමට අවසර ඉල්ලා සිටිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව අදාළ ඡන්දහිමියන් සඳහා වැඩපිළිවෙළක් සැකසිය හැකි බව සඳහන් කරන මැතිවරණ කොමිෂන් සභාව නාමයෝජනා දැන්වීමෙන් සතියක් ඇතුළත ලියාපදිංචි ඡන්දහිමියකුට තමන්ගේ ඡන්දය වෙනත් ඡන්ද පොළක දී ප්රකාශ කිරිමට අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉල්ලුම් පත්රයක් යොමු කළ හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි.
මෙම ඉල්ලුම්පත් මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට හෝ තමන් පදිංචි දිස්ත්රික්කයේ දිස්ත්රික් මැතිවරණ කාර්යාලයට හෝ ඉදිරිපත් කළ හැකිය. ඉල්ලුම්කරුවන් විසින් 2024 වර්ෂයේ ඒකාබද්ධ ඡන්ද හිමි නාම ලේඛනය පදනම් කර ගෙන අදාළ විස්තර ඉල්ලුම් පත්වලට ඇතුළත් කළ යුතුය. අදාළ ඉල්ලුම් පත්ර දිස්ත්රික් මැතිවරණ කාර්යාලයෙන් නොමිලේ ලබා ගත හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.