හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් ඉවත්ව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේ දී සහාය දැක්වූ කණ්ඩායම දිලිත් ජයවීර මහතාගේ මවුබිම ජනතා පක්ෂය සමග සාකච්ඡා ආරම්භ කර ඇත.මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ තම කණ්ඩායම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන ආකාරය ගැන සාකච්ඡා කිරීමට දිලිත් ජයවීර මහතා හමුවන බවය.මේ වන විට හිටපු අමාත්‍යවරයෙකු වන දිලුම් අමුණුගම මහතා මවුබිම ජනතා පක්ෂය සමග එක්වී ඇත.ඔහුට එහි ජාතික සංවිධායක ධුරය ද පිරිනමා ඇත.එම පක්ෂය සමග විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද එක්ව සිටිති.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Previous Articleහිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි
Next Article නාමල්ගෙන් ආරාධනයක්

