විද්‍යුත් ගමන් බලපත්‍ර මිලියන පහක් සැපයීම සඳහා වන මූලික ප්‍රසම්පාදනයේ කොටසක් ලෙස සමාගම් දෙකකින් එන්.සීරිස් (N-Series) විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත්ලක්ෂ පනස් දහසක් (750,000) මිලදී ගැනීමට ලබාදුන් කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
එකී කැබිනට් තීරණය මෙරටේ පිළිගත් ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරන දූෂිත ගනුදෙනුවක් බව කියමින් එනික් ලංකා පුද්ගලික සමාගමේ සහ එහි විධායක සභාපතිවරයා ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් මහතා ලබන ඔක්තෝබර් මස පළමු වැනිදා දක්වා බල පැවැත්වෙන පරිදි එම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ටිරාන් අලස්, ආගමන විගමන පාලකවරයා හිටපු කැබිනට් මණ්ඩලය ඇතුළු පිරිසක් එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි. පෙත්සම්කාර නයන දර්ශන ප්‍රසාද් දෙණිගම මහතා වෙනුවෙන් නීලකන්දන් සහ නීලකන්දන් නීතිඥ සමාගමේ උපදෙස් පරිදි නීතිඥ ප්‍රමෝද් පෙරේරා, හිරුණි ද අල්මේදා යන නීතිඥ මණ්ඩලය සමග ජනාධිපති නීතිඥ විරාජ් කොරයා මහතා පෙනී සිටියේය.