විභාග දෙපාර්තමේන්තුවේ විභාග වංචා හා ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධි දිගින් දිගටම සිදු වෙනවා. මේ නිසා නව අධ්‍යාපන ඇමැති යටතේ විභාග දෙපාර්තමේන්තුව පූර්ව ප්රතිසංවිධානයකට යා යුතු යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මාධ්‍යට පසුගිය (24දා) පැවසීය.
විභාග දෙපාර්තමේන්තුව පූර්ව ප්රතිසංවිධානයකට නොගියහොත් දරුවන් මානසිකව පීඩාවට පත්වන බවද හෙතෙම කියා සිටියේය. තවදුරටත් කතා කළ ජෝශප් ස්ටාලින් මහතා මෙසේ ද කීය.
විභාග දෙපාර්තමේන්තුවේ පසුගිය කාලයේ තිබූ දුර්වලකම් නිසා විභාග වංචා, ප්‍රශ්න පත්‍ර පිටවීම් සිදුවුණා. මේ නිසා බොහෝ දරුවන් පීඩාවට පත්වුණා. විභාග වංචා කරපු අය ලැයිස්තුගත කරලා තියෙනවා. නමුත් ඒ අයට දඬුවමක් නැහැ. විභාග පනත සංවර්ධනය කරලා නැහැ. එයත් සංවර්ධනය කළ යුතුයි. මේ නිසා මුළු විභාග දෙපාර්තමේන්තුවම පූර්ව ප්රතිසංවිධානයකට යා යුතුයි.