ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා ශ්රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස අද (23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුකෙරේ.
පෙරේදා( 21) වැනි දා පැවති ජනාධිපතිවරණයේ දී මහජන ඡන්දයෙන් දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්විය.