දේශප්‍රේමී ජාතික පෙරමුණ සංවිධාන කළ සම්මන්ත්‍රණයක් කොළඹ 7 පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙමින් තිබියදී එහි කඩා වැදුණු පොලු මුගුරු ගත් කණ්ඩායමක් කෑ ගසමින් එම සම්මන්ත්‍රණය කඩාකප්පල් කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් එම පොලු මුගුරු ගත් පිරිස සහ සම්මන්ත්රණ සංවිධායකයන් අතර ගුටිබැට හුවමාරුවක් පස්වරුවේ සිදුවිය.
මෙම සිද්ධියෙන් එක් පුද්ගලයෙක් තුවාල ලැබීය.
සම්මන්ත්‍රණයට කඩා වැදුණු පිරිස අනතුරුව යතුරුපැදිවල නැගී පලා ගොස් ඇතැයි දැනගන්නට ඇත.
මේ සිද්ධිය වූයේ දේශප්‍රේමී ජාතික පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නුවන් වැල්ලන්තුඩාව මහතා සම්මන්ත්‍රණය අමතමින් සිටියදීය.
ඔහු එක්තරා දේශපාලන පක්ෂයක පිරිසක් සම්බන්ධයෙන් විවේචනාත්මකව කතා කළ අවස්ථාවේදී ඊට සහභාගී වූ පිරිස අතරේ සිටි දෙදෙනෙක් එකවරම නැගී සිට කෑ කෝ ගසමින් කලබල කරන්නට වූහ. මේ අවස්ථාවේදී සම්මන්ත්‍රණයේ සංවිධායකයන්” මේක සාමකාමී සම්මන්ත්‍රණයක්. ඔයාලා මෙතන ඇවිල්ලා කලබල කරන්න අවශ්‍ය නැහැ. අපේ අදහස් අහගෙන ඉන්න බැරි නම් මෙතනින් යන්න” යැයි සාමකාමීව පැවසූ නමුත් ඔවුන් ඊට අවනත නොවී දිගින් දිගටම කෑ ගසන්නට වූහ.
ගුටිබැට හුවමාරුව ඇති වූයේ මේ අවස්ථාවේදීය.