ගල්කිස්ස , බොරුපන ප්රදේශයේ නිවසක ඇති වු කළබලයකින් පියාගේ පහරකෑ පුතා මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ අවුරුදු 26ක් වූ බොරුපන, රත්මලාන ප්රදේශයේ පදිංචිකරුවෙකි.
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ස්වාමිපුරුෂයා විසින් බිරිඳට හා පුත්රයාට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුළත් කර කර තිබේ.
ඝාතනය සිදුකළ සැකකරු ප්රදේශයෙන් පළාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව ගල්කිස්ස පොලීසිය කියයි.